වී-භාෂා‘තේමාව ඔස්සේ මෙරට පාසල් දරුවන් සඳහා විදේශීය භාෂා ඉගෙන ගැනීමට ප්‍රවේශය ලබා දීමේ මාර්ගගත වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා පවසයි.
පෙබරවාරි මස 11 වන දින අමාත්‍යංශ පරිශ්‍රයේදී පැවති එම වැඩසටහන් මාලාව පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකට එක් වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
- එක්සත් රාජධානියේ London School of Executive Limited ආයතනය සමඟ එක්ව ක්‍රියාත්මක කරන මෙම ව්‍යාපෘතිය හරහා පාසල් දරුවන් සඳහා ගැලපෙන ලෙස ජාත්‍යන්තර ප්‍රමිතියට අනුගතව ඉංග්‍රීසි, චීන, ප්‍රංශ, ස්පාඤ්ඤ, ජර්මන්, ඉතාලි, හිංදි,ජපන්, රුසියානු හා අරාබි යන භාෂා හැදෑරීමේ හැකියාව ඇත