මත්ද්‍රව්‍ය භාවිතකර රිය පැද්දොත් වැඩ වරදී

මත්ද්‍රව්‍ය භාවිත කර රිය පදවන්නන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විසින් විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ විවිධ සේවා ලබාගැනීම සඳහා පැමිණ සිටි රියදුරන් සම්බන්ධ වෛද්‍ය පරික්ෂණවලදී හෙළිවූ තොරතුරු මත එම පියවර ගත් බවයි.

මින් බහුතරය ලොරි සහ බස් රියදුරන් බවට හෙළි වී ඇතැයිද ඔහු ප්‍රකාශ කලා.