පොදු ස්ථාන සහ පොදු ප්‍රවාහන භාවිතයට පූර්ණ එන්නත්කරණය අනිවාර්ය කෙරේ

පූර්ණ එන්නත්කරණයට ලක්වී නොමැති පුද්ගලයන්ට පොදු ප්‍රවාහන සේවා ඇතුළු පොදු ස්ථානවලට ඇතුළුවීම වළක්වමින් ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ.

ලබන අප්‍රේල් මස 30 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි, සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් එම අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

මේ වන විටත් කිසිදු එන්නතක් ලබා නොගත් සහ තවමත් බූස්ටර් එන්නතට යොමු නොවූවන්ට මෙම නිවේදනය මූලිකව අදාළ වන අතර, පූර්ණ එන්නත්කරණයට ලක් නොවුණහොත් ඔවුන්ට ජනතාව ගැවසෙන කිසිදු පොදු ස්ථානයකට ඇතුළු වීමේ නිදහස සහ අයිතිය අක්‍රිය වනු ඇති.

මේ අතර, ඉකුත් සතියට සාපේක්ෂව මේ සතියේදී මෙරටින් හඳුනා ගැනුණු කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව සියයට 30 කින් පමණ ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. ඊයේ (4) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ ‘කොවිඩ් 19’ පිළිබඳ ප්‍රධාන සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි මහතා මේ බව ප්‍රකාශ කළේය.

ඉකුත් සතියට සාපේක්ෂව මේ සතියේ වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව ද සියයට 10 කින් පමණ ඉහළ ගොස් තිබේ.

19 COMMENTS

Comments are closed.