නැගෙනහිර යුක්රේනයේ මහජන සමූහාණ්ඩුව ද්වය පිළිගැනීමට රුසියාව ගත් තීරණය පිළිබඳ ජගත් මහලේකම්වරයාගේ කනස්සල්ල

නැගෙනහිර යුක්රේනයේ Donetsk මහජන සමූහාණ්ඩුව සහ Luhansk මහජන සමූහාණ්ඩුව පිළිගැනීමට රුසියාව ගත් තීරණය පිළිබඳව එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටරෙස් මහතා දැඩි කනස්සල්ලට පත්ව සිටී. රාජ්‍යතාන්ත්‍රික කටයුතුවලට ප්‍රමුඛත්වය දෙමින්, සියලු ගැටලු සාමකාමීව විසඳා ගන්නා ලෙස හෙතෙම ඊයේ (21) අදාළ සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියේය.

අන්තෝනියෝ ගුටරෙස් මහතා එදිනම ප්‍රකාශකයෙකු මගින් දන්වා සිටියේ, මහා මණ්ඩලයේ තීරණවලට අනුකූලව, එක්සත් ජාතීන්ගේ සංවිධානය තවමත් යුක්‍රේනයේ ජාත්‍යන්තරව පිළිගත් දේශසීමා තුළ ස්වෛරී ස්වාධීනත්වය සහ භෞමික අඛණ්ඩතාව සඳහා පූර්ණ සහයෝගය ලබා දෙන බවයි.