තායිවාන ප්‍රදේශයට අවි ආයුධ අලෙවි කිරීමේ සැළැස්ම වහාම අහෝසි කරන ලෙසට චීනය ඇමරිකාවට දැනුම් දෙයි

චීනයේ තායිවාන ප්‍රදේශයට අවි අලෙවි කිරීමේ සැලැස්ම අහෝසි කරන ලෙසට චීනය ඇමරිකාවෙන් ඉල්ලයි.

චීන ජාතිකාරක්ෂක අමාත්‍යංශ ප්‍රකාශක වූ චියන් මහතා අද(9) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් නැගූ අදාළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඒ බව ප්‍රකාශ කර ඇත. ඇමරිකාවේ ක්‍රියාව චීනයේ ස්වාධිපත්‍යය හා ආරක්ෂක යහපතට හානිකරය. දෙරටේ හමුදාවන් අතර සම්බන්ධතාවය ඉන් විනාශ වනු ඇති අතර තායිවාන සමුද්‍ර සන්ධි ප්‍රදේශයේ සාමයට ද එය තර්ජනයක් වනු ඇත. මේ හේතුවෙන් ඇමරිකාව තායිවාන ප්‍රදේශයට අවි ආයුධ අලෙවි කිරීමේ සැළැස්ම වහාම අහෝසි කර එම ප්‍රදේශය සමග යුදමය සම්බන්ධකම් ද නතර කළ යුතු බව චීනය අවධාරණය කර සිටී.