තම රටට එරෙහිව ඇමරිකාව පණවා ඇති සම්බාධක ඉවත් කරන්නැයි ඉරාන ජනපති ඉල්ලා සිටී

තම රටට එරෙහිව ඇමරිකාව පණවා ඇති සම්බාධක ඉවත් කරන ලෙස, ඉරාන ජනාධිපතිවරයා ඉල්ලා සිටී.

ඊයේ (21) කටාර් හි චාරිකාවක නිරත වූ ඉරාන ජනාධිපති Seyed Ebrahim Raisi මහතා දෝහා හිදී මේ බව ප්‍රකාශ කළේය. ඉරාන න්‍යෂ්ටික ප්‍රශ්නය පිළිබඳ සාකච්ඡා කිරීමේදී ඒ ඒ පාර්ශ්වයන්ගේ ජයග්‍රහණයන්ට අනුකූල එකඟතාවකට එළඹීම සඳහා, ඇමරිකාව ඉරානයට එරෙහි සම්බාධක ඉවත් කිරීමේ අදහස් ඉදිරිපත් කළ යුතු බව හෙතෙම එහිදී පැවසීය.

එමෙන්ම, Seyed Ebrahim Raisi මහතා සහ කටාර් රජු Tamim Bin Hamad Al Thani අතර ඊයේ(21) පැවති හමුවේදී පොදු අවධානය යොමුවන ප්‍රාදේශීය හා ජාත්‍යන්තර ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කෙරිණ. නායක දෙපළ පැවසුවේ, සංවාදය, සියලු මතභේද විසඳාගෙන, සියලු තර්ජනයන්ට මුහුණ දීමේ සාර්ථකම මාර්ගය බවයි.

මීට අමතරව, ඉරානය හා කටාර් රජය අතර ගුවන් සේවා ,වෙළඳාම , මුහුදු ප්‍රවාහනය, රාජ්‍යතාන්ත්‍රික කටයුතු, බලශක්ති සම්පත්, සංස්කෘතිය හා අධ්‍යාපනය යන ක්ෂේත්‍රවල සහයෝගිතා ගිවිසුම් 14කට ද  21 වැනිදා  අත්සන් තැබිණ.