ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ විශේෂඥ කණ්ඩායම ෆුකුෂිමා ඩයිචි න්‍යෂ්ටික බලාගාරය පරීක්ෂා කිරීමට තීරණය කරයි.
ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ අපද්‍රව්‍ය මුහුදට මුදාහැරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ විශේෂඥ කණ්ඩායම, ජපානයේ ආර්ථික, කර්මාන්ත හා වෙළෙඳ අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ ඊයේ (14) සාකච්ඡා පැවැත්වීය.
ඒ අනුව, ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ විශේෂඥ කණ්ඩායම හෙට( 15 ) ෆුකුෂිමා ඩයිචි න්‍යෂ්ටික බලාගාරය පරීක්ෂා කර, ටෝකියෝ විදුලිබල සමාගම සහ අනෙකුත් පාර්ශ්ව සමඟ අදහස් හුවමාරු කර ගනු ඇත.