කොළඹ 07, ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටි ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද (18) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හදිසි නිරීක්ෂණයට ලක් විය.
විදුලිබල උත්පාදනයට ජල, සූර්ය ශක්තිය, සුළං වැනි පුනර්ජනනීය ප්‍රභවයන් යොදාගැනීමට ඇති හැකියාව මෙන්ම ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ නිලධාරීන් සෘජුව හමු වී තොරතුරු විමසා බැලීම ජනාධිපතිවරවයාගේ මෙම හදිසි නිරීක්ෂණ චාරිකාවේ අරමුණයි.
“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව, වසර 2030 වන විට සමස්ත විදුලිබල උත්පාදනයෙන් 70%ක් සඳහා පුනර්ජනනීය බලශක්තිය යොදාගැනීම රජයේ අරමුණ වී තිබේ. එමෙන් ම රට තුළ උද්ගත ව ඇති වත්මන් බලශක්ති අර්බුදයට පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් කෙටිකලක් තුළ දායක කර ගැනීමට ඇති හැකියාව කෙරෙහි ද අවධානය යොමුව ඇත.