චීන ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවට හැටපස් වසරක් සපිරීම නිමිත්තෙන් ආගමික වැඩසටහනක්

ශ්‍රී ලංකාව හා චීනය අතර රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා ආරම්භ කර වසර හැටපහක් පිරීම නිමිත්තෙන්  පරිත්‍රාණ ධර්මදේශනාවක් හා ආශිර්වාද පිංකමක්  සිදුකෙරේ. ඒ සඳහා වූ විශේෂ ආගමික වතාවත්  සිදුකෙරුණේ , අනුරාධපුර ඓතිහාසික අභයගිරිය විහරස්ථානයේ දී යි. අභයගිරි විහාරාධිකාරී ආචාර්ය කල්ලංචියේ රතනසාර හිමියන්ගේ සංවිධානත්වයෙන් චීන – ශ්‍රී ලංකා මිත්‍ර සංගමය එය සංවිධානය කළේ ය.

සූම් තාක්ෂණය ඔස්සේ ශ්‍රී ලංකාවත් චීනයත් ආගමික වතාවත් වලට එක්වෙමින් ථෙරවාදී හා මහායාන සම්ප්‍රදායන් ට අනුව ආගමික වතාවත් සිදු කෙරිණ. එම උත්සවය වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සුභාශිංෂණ පණිවිඩයක් පිරිනැමීය.

චීන තානාපති ෂී ෂෙන් හොන් මහතා උත්සවය අමතමින් චීනය ඉදිරියටත් ශ්‍රීලංකාව සමඟ අන්‍යෝන්‍ය අවබෝධයෙන් හා සහජීවනයෙන් බැඳී සිටින බව ප්‍රකාශ කළේ ය.

අස්ගිරි පාර්ශවයේ අනුනායක වෙඬරුවේ උපාලී සහ රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී ,නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පල්ලේගම හේමරතන යන නාහිමිවරු අතුළු මහා සංඝරත්නය එම අවස්ථාවට එක්ව සෙත් පිරිත් සජ්ඣායනා කලහ.

17 COMMENTS

Comments are closed.