චීන ජනාධිපතිවරයා ගෙන් ඇමරිකාවේ නගරාධිපතිවරුන් දෙපළකට පිළිතුරු ලිපි

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඇමරිකාවේ වොෂින්ටන් ජනපදයේ Tacoma නගරයේ නගරාධිපතිනි Victoria Woodards මහත්මිය හා Steilacoom  නගරයේ නගරාධිපති Dick Muri මහතාගේ ලිපියට පිළිතුරු දෙයි.

චීන ජනතාවගේ හා ජගත් ප්‍රජාවේ අනුබලය ඇතිව චීනය සරල, සුරක්ෂිත හා අසිරිමත් ශීත ඍතු ඔලිම්පික් උළෙලක් පවත් වනු ඇතැයි ෂී ජින්පිං මහතාගේ පිළිතුරු ලිපියේ දැක්වේ. ‘වඩාත් වේගයෙන්, වඩාත් උසින්, වඩාත් ශක්තිමත්ව, වඩාත් සමගියෙන්’ යන ඔලිම්පික්‍ ආදර්ශ පාඨය යටතේ විවිධ රටවල ජනතාව එක්ව අනාගතයට මුහුණ දීම පොළඹවනු ඇතැයි ද ඔහු කීය.

මෑතකදී ඇමරිකාවේ එම නගර දෙකේ නගරාධිපතිවරු දෙපළ වෙන් වෙන්ව ෂී ජින්පිං මහතාට ලිපි යොමු කරමින් ජනාධිපතිවරයාට හා චීන ජනතාවට වසන්න උත්සවයට සුබ පතමින් බෙයිජිං ශීත ඍතු ඔලිම්පික් උළෙල සාර්ථක වේවා යැයි ද ප්‍රාර්ථනා කළහ.