චීනය ශ්‍රී ලංකාවේ අවංක සුහද මිතුරෙකු බව අගමැතිවරයා කියාසිටී

චීනය සැබැවින්ම, ශ්‍රී ලංකාවේ අවංක සුහද මිතුරෙකු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා කියාසිටී. එම මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත්ව පවත්වාගෙන යාම වත්මන් රජයේ අරමුණයි. අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළකළේ, ශ්‍රී ලංකා චීන රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භවී වසර 65 ක් සපිරීම නිමිත්තෙන් කොළඹ ඊයේ(17) පැවැති උත්සවයට එක්වෙමිනි.

චීනයේ වත්මන් ජනාධිපති ෂී ජිං පින් මහතා  ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති සදහා දක්වන දායකත්වය ද අගමැතිවරයා කෘතවේදීව සිහිපත් කළේය. ශ්‍රී ලංකාව සහ  චීනය අතර මිත්‍රත්වය ඇරඹුණු රබර් සහල් ගිවිසුමේ 70 වැනි සංවත්සරය ද මේ වසරට යෙදී ඇත.