කොවිඩ් ආසාදිතයන් වාර්තා වීම දිනෙන් දින ඉහළට

දෛනිකව වාර්තා වන කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යයි. සිව්වැනි දිනටත් අඛණ්ඩව ආසාදිතයන් දහසකට වැඩි පිරිසක් ඊයේ වාර්තා වූ අතර එම සංඛ්‍යාව 1156 කි. ඒ අනුව දිවයිනෙන් මේ දක්වා හමුවී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව හයලක්ෂ දහතුන් දහස් 478 දක්වා වැඩිවී ඇත. කොවිඩ් වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි 471 දෙනෙක් සම්පුර්ණ සුවය ලබා රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන ඊයේ පිටව ගියහ. ඒ අනුව මෙරට සම්පූර්ණ සුවය ලැබූ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව පන් ලක්ෂ හැත්තෑ නව දහස් 320 කි.

තවත් කොවිඩ් ආසාදිත මරණ 19 ක් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ (01) තහවුරු කළේය. ඒ සමග මෙතෙක් දිවයිනෙන් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 15 492 දක්වා ඉහළ ගොස් තිබේ.