කඩිනමින් සපයන්නැයි ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්

නව සුළං විදුලි බලාගාර ඉදිකළ හැකි ස්ථාන පිළිබඳ වාර්තාවක් කඩිනමින් සකස් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දෙයි. විදුලිබල මණ්ඩලය සතු මන්නාරම තම්බපවනි සුළං විදුලි බලාගාරය ඊයේ නිරීක්ෂණය කළ අවස්ථාවේදී ජනාධිපතිතුමා මෙම උපදෙස් දී තිබේ.

තම්බපවනි සුළං බලාගාරයෙන් ජාතික විදුලි බල පද්ධතියට එක්කෙරෙන බලශක්ති ප්‍රමාණය මෙගාවොට් 248කි.  එමගින් තවත් මෙගාවොට් 50ක් ජාතික විදුලිබල පද්ධතියට එක්කිරීමට සැලසුම් කර තිබේ. වසර 2030 වනවිට මෙරට සමස්ත විදුලි උත්පාදනයෙන් සියයට 70ක් පුනර්ජනනීය බලශක්තියෙන් ලබාගැනීම රජයේ අරමුණයි. බලාගාරයේ සියලු මෙහෙයුම් ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක්විය.

19 COMMENTS

Comments are closed.