ඇමරිකාව ඇෆ්ගනිස්ථාන ජනතාවගේ වත්කම් සොරකම් කළ බවට තලේබාන් සංවිධානයෙන් චෝදනා

ඇමරිකාවේ ඇති ඇෆ්ගනිස්ථාන වත්කම් තහනම් කිරීමේ නියෝගයකට ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් අත්සන් තබයි.

ඇමරිකාවේ ඇති ඇෆ්ගනිස්ථානයේ මහ බැංකුවේ වත්කමෙන් අඩක් ‘9.11’ ත්‍රස්තවාදී සිද්ධියේ ගොදුරුවූවන්ට වන්දි ගෙවීමට යොදා ගන්නා බව ද ප්‍රකාශ කර ඇත. ඇෆ්ගනිස්ථානයේ තලේබන් සංවිධානය ඇමරිකාවේ ක්‍රියාව හෙළාදැක තිබේ.

ඇමරිකාව ඇෆ්ගනිස්ථාන ජනතාවගේ වත්කම් සොරකම් කළ බව එම සංවිධානයේ දෝහා දේශපාලන කාර්යාලයේ ප්‍රකාශක   Mohammad Naeem කියා සිටියි.  ඉන් මනුෂ්‍යත්වය හා සදාචාරය අතින් ඇමරිකාව පහළම මට්ටමකට වැටී සිටින බව පැහැදිලි යැයි ද ඔහු සඳහන් කර ඇත.