COVAX සැලසුමෙන් ලෝකයට චීන එන්නත් මාත්‍රා කෝටි 18ක්

COVAX  සැලැස්ම මගින් චීන එන්නත් මාත්‍රා කෝටි 18ක් ලබා දී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක Bruce Alyward මහතා මේ බව පැවසුවේ ඊයේ(6) එම සංවිධානය කොවිඩ් වසංගතය සම්බන්ධයෙන් පැවැත්වූ නිත්‍ය මාධ්‍ය හමුවේදීය. මේ වන විට COVAX  සැලැස්ම මගින් රටවල් හා ප්‍රදේශ 49කට සිනෝෆාම් හා සිනෝවැක් එන්නත් මාත්‍රා කෝටි 18ක් ලබා දී ඇති බව ඔහු ප්‍රකාශ කළේය. එය, එම සැලසුම අනුව සපයා ඇති සමස්ත කොරොනා මර්දන එන්නත් ප්‍රමාණයෙන් සියයට 20කි. චීන එන්නත්, ගෝලීය වශයෙන් ප්‍රතිශක්ති හැකියාව නැංවීම හා මිනිස් ජීවිත බේරා ගැනීම පිළිබඳ වැදගත් කාර්යභාරයක් ඉටුකර ඇතැයි ද Bruce Alyward මහතා පෙන්වා දී තිබේ.