ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර වෙළෙඳ ගනුදෙනු ප්‍රවර්ධනය කෙරෙහි අවධානය..

ශ්‍රී ලංකාව සහ තම රජය අතර පවතින වෙළෙඳ ගනුදෙනු ප්‍රවර්ධනය කෙරෙහි අවධානය යොමු වී ඇති බව තුර්කි විදේශ අමාත්‍ය මෙව්ලුට් චව්සෝග්ලු (Mevlüt Çavuşoğlu) මහතා පවසයි.

තුර්කි විදේශ අමාත්‍ය මෙව්ලුට් චව්සෝග්ලු මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේ දී ඔහු මේ බව සඳහන් කළේය.

වෙළෙඳ කටයුතු විවිධාංගීකරණය කිරීමෙන් ශ්‍රී ලංකාවේ භාණ්ඩ රැසකට තුර්කි වෙළෙඳපොළ පුළුල්ව විවෘත කෙරෙන බව තුර්කි විදේශ අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ශ්‍රී ලංකාව තුළ අයෝජන අවස්ථා සම්බන්ධයෙන් තම රටේ ව්‍යවසායකයන් දැනුවත් කිරීමට පියවර ගන්නා බව ද ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ කොවිඩ් මර්දනය සඳහා ලබා දුන් ආධාර පිළිබඳව ජනාධිපතිවරයා තුර්කි විදේශ අමාත්‍යවරයා වෙත සිය ස්තුතිය පළ කළේය.