විදේශ තානාපති කාර්යාල නියෝජිතයන් හා අගමැති අතර හමුවක්

ශ්‍රී ලංකාවේ විදේශ තානාපති කාර්යාලවල නියෝජිතයන් හා අගමැති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අරලියගහ මන්දිරයේදී ඊයේ (25) පස්වරුවේ පැවැත්විණ. තානාපති සබඳතා පිළිබඳව  අගමැතිවරයා හා තානාපති නියෝජිතයන් එහිදී සාකච්ඡා පවත්වා ඇත. අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක,විදේශ අමාත්‍යාංශ ලේකම් ජයනාත් කොළඹගේ යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්වූහ.