ඉදිරියේ දී පැය කිහිපයක් විදුලිය කප්පාදුවක් කිරීමට සිදුවනු ඇති බව විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කර ඇතැයි අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කරනවා .
ඩීසල්, දැවි තෙල්, ගල් අඟුරු හිගතාවය මත මෙම තත්ත්වය උදාවී ඇතැයිද ඔහු පැවසීය.
විදුලි අර්බුදය තවදුරටත් ජනතාවට වසන් කිරීමට නොහැකි බවද පවසන ඒ මහතා මේ පිලිබඳව සත්‍ය ජනතාවට පවසා එයට විසඳුම් සාමූහිකව සෙවිය යුතු බවද පවසා සිටිනවා .
ගාල්ල ප්‍රදේශයේ දී පැවති උත්සව සභාවක් අමතමිනුයි ඔහු මෙම අදහස් පලකළේ.