වරාය නගරය දකුණු ආසියාවේ ආර්ථික සහ සේවා මධ්‍යස්ථානයක් බවට පත්වීම ස්ථිරයි

වරාය නගරය දකුණු ආසියාවේ ආර්ථික සහ සේවා මධ්‍යස්ථානයක් ලෙසට පත්වනු ඇතැයි කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ මහජන සබඳතා ප්‍රධානී මාධ්‍යවේදී කස්සප සෙනරත් මහතා පවසයි. එය දැනට තිබෙන තත්වයෙන් ශ්‍රී ලංකාව ඉහළට ඔසවා තැබීමට හේතුවනු ඇතැයි ආර්ථික විශේෂඥ‍යන්ගේ අදහස වී තිබේ. මෙය ද්විත්ව ජයග්‍රහණයක් බවද කස්සප සෙනරත් මහතා පවසයි. එහිදී ශ්‍රී ලාංකික ශ්‍රමික හැකියාව හා බුද්ධිමය හැකියාවන් ප්‍රයෝජනයට ගෙන තිබීමත් වැදගත් කාරණාවකි.

එක් තීරයක් එක් මාවතක් සංකල්පය චීන ජනාධිපති ෂී ජින්පිං මහතා විසින් වර්ෂ 2013 දී ලෝකයට හඳුන්වා දෙනු ලැබීය. මේ ව්‍යාපෘතියේ මූලික අරමුණ වූයේ වසර දහස් ගණනක් පැරණි ගොඩබිම සහ මුහුදු සේද මාවත ඒකාබද්ධ කරමින් 21 වන සියවසේ ඒකාබද්ධ සංවර්ධන ව්‍යාපෘති ජාලයක් නිර්මාණය කිරීමයි.  මේ වන විට රටවල් 160ක් ඊ‍ට සම්බන්ධ වී තිබේ.  මෙහිදී වඩා වැදගත් වන්නේ යටිතල පහසුකම් සැපයීමය. යටිතල පහසුකම් සඳහා ප්‍රාග්ධනය සපයා ගැනීමට අපහසු ව්‍යාපෘති සඳහා ඒඒ රටවලට සහයෝගය ලබාදීමට එක් තීරයක් එක් මාවතක් වැඩසටහනෙන්  ක්‍රියා කෙරේ.

බංග්ලාදේශය, ශ්‍රී ලංකාව, පකිස්ථානය, මාලදිවයින වැනි රටවල වරාය, අධිවේගී මාර්ග පද්ධති සඳහා චීන ආයෝජන ලැබී තිබේ. කෙන්‍යාව සහ ඉතියෝපියාව වැනි රටවල අධිවේගී දුම්රිය මාර්ග සංවර්ධනය කර ගැනීම තුළින් ඔවුන්ගේ නිෂ්පාදන ආසන්නතම වරාය වෙත, ගුවන්තොටුපල වෙත ප්‍රවාහනය කිරීමේ පහසුකම සලසාගෙන තිබේ. විවිධ රටවල්වල ආර්ථික විවිධාංගීකරණය, භාණ්ඩ හා සේවාවල විවිධාංගිකරණය සඳහා ද මෙම ව්‍යාපාතිය ඔස්සේ ආයෝජන ලැබී තිබේ. මධ්‍යතන ආසියාවට සහ නැගෙනහිර යුරෝපයටත් ආයෝජන සිදු කර ඇත. අග්නිදිග ආසියාවේ මැලේසියාවද මෙම සංකල්පය යටතේ සුවිශේෂ සංධිස්ථානයක් සේ සැලකේ.

මේ අනුව එක් තීරයක් එක් මාවතක් සංකල්පය ඔස්සේ ලෝකයේ රටවල් 160ක් යටතේ ඔවුන්ගේ සංවර්ධන අවශ්‍යතා වෙනුවෙන් විවිධ ස්වරූපයෙන් ආයෝජන සිදු කිරීමට චීන රජය කටයුතු කරමින් සිටින බවද කස්සප සෙනරත් මහතා පවසයි

19 COMMENTS

Comments are closed.