රටවල් 03 ක් සමග කඩිනමින් සංචාරක සහයෝගිතා ඒකාබද්ධ ගිවිසුම්වලට එළඹීමට අපේක්ෂා කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි
බංගලාදේශය, කාම්බෝජය හා දකුණු අප්‍රිකාව එම රටවල් තුනයි. බංගලාදේශය සමග මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරිම සදහ යෝජනාව ඉදිරිපත් කෙරුණේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා බංගලාදේශයේ නිළ රාජ්‍ය සංචාරයක යෙදුණු වකවානුවේ. ඒ අනුව සංචාරක ක්ෂේත්‍රයේ සහයෝගිතාව පිළිබදව ඒකාබද්ධ ආයෝජන සහ අලෙවිකරණ ක්‍රියාකාරකම් කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් අදාළ ගිවිසුම කෙටුම්පත් කර තිබේ.