මෙවර යල කන්නය සඳහා පරිසර හිතකාමී දේශීය පොහොර මිල දී ගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
රජයේ පොහොර සමාගම් දෙක මගින්, එම මිල දී ගැනීම සිදුකිරීමට, කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා යෝජනා කර තිබිණ.
එමෙන්ම, යල කන්නය සඳහා ගොවීන් වෙත දේශීය කාබනික පොහොර සැපයීම සඳහා පොහොර ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඇරඹීමටත් අනුමැතිය හිමිව තිබේ.
පොහොර සහනාධාර වැඩසටහන සඳහා වෙන් කර ඇති ප්‍රතිපාදන යොදා එම මිල දී ගැනීම සිදුකිරීමට නියමිතය.