මියන්මාරයේ දාගැබ් ප්‍රතිසංස්කරණය චීන ආධාරයෙන්

මියන්මාරයේ දාගැබක් චීන ආධාරයෙන් ප්‍රතිසංස්කරණය කිරීම ආරම්භ කෙරේ. දාගැබ් ප්‍රතිසංස්කරණ  ව්‍යාපෘතිය මගින්  සංස්කෘතික උරුම සුරැකුම වර්ධනය කෙරෙන අතර සංස්කෘතික කලා හුවමාරු ඉහළ නැංවීමට ද එය ඉවහල් වන බව මියන්මාරයේ චීන තානාපතිවරයා සඳහන් කළේ ය. මියන්මාර රජයේ ආරාධනාවකට අනුව චීනයේ ෂැන්සි පලාත් සංස්කෘතික උරුම සුරැකුම් ආයතනයේ චීන විශේෂඥයන් විසින් ප්‍රතිසංස්කරණයට අදාළ මූලික සැලසුම් සකස් කරන ලදි.මෙවර ප්‍රතිසංස්කරණය කෙරෙන දාගැබ 2016 වසරේ මියන්මාරයේ සිදුවූ භූමි කම්පාවෙන් හානි සිදූවූ දාගැබ් වලින් එකකි.