බ්‍රිතාන්‍ය අගමැති කාර්යාලය වසංගතයට අදාළ රෙගුලාසි උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පොලිස් විමර්ශනයක්

ගත වූ වසර 2ක තුළ බ්‍රිතාන්‍ය අගමැති කාර්යාලය වසංගතයට අදාළ රෙගුලාසි උල්ලංඝනය කිරීම  සම්බන්ධයෙන් එර‍ට පොලිසිය විමර්ශනයක් ආරම්භ කරයි.

මහජනතාවගේ සැලකිල්ල සලකා කැබිනට් කාර්යාල විමර්ශන කණ්ඩායමේ සාක්ෂි පදනම්ව ලන්ඩන් පොලිසිය එම විමාර්ශනය සිදු කරමින් සිටින බව ඊයේ (25) ප්‍රකාශ කෙරිණ.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය Boris Johnson රජය බොහෝ වතාවක් වසංගතයට අදාළ රෙගුලාසි උල්ලංඝනය කර ඇති බව වාර්තා වේ. එර‍‍ට සමීක්ෂණවලට අනුව, Boris Johnson අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් විය යුතු බව බහුතර පිරිසකගේ අදහස වී තිබේ.