පළතුරු සහ එළවලු පොලිතීන්වලින් ඇසිරීම ප්‍රංශය තුළ තහනම්

පළතුරු සහ එළවලු බොහොමයක් ප්ලාස්ටික් සහ පොලිතීන්වලින් ඇසිරීම  ප්‍රංශය තුළ තහනම් වනවා.

පිපිඤ්ඤා – දෙහි වර්ග සහ දොඩම් ඇතුලු වර්ග 30 ක් මීට අයත්.

කෙසේවෙතත් තොග වශයෙන් අලෙවියේදී සහ සකස් කරන ලද එළවලු – පළතුරු සඳහා නව නීතිය බලාත්මක වන්නේ නැහැ.

2040 වසර වනවිට තනි භාවිත ප්ලාස්ටික් පරිහරණයෙන් මුලුමනින්ම ඉවත් වීමේ ඉලක්කය ජය ගැනීම සඳහා ප්‍රංශය විසින් මෙම නීතිය පණවනු ලැබුවේ.

එරට අලෙවි කෙරෙන එළවලු හා පළතුරු අතුරින් සියයට 33 කට වැඩ ප්‍රමාණයක් ප්ලාස්ටික් හා පොලිතීන් අසුරණවලින් දවටා විකිණීම දක්නට ලැබෙනවා.