නව කොරෝනා වෛරස ආසාදිතයන් දින 14ක් හුදකලා කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය තවමත් නිර්දේශ කරයි

නව කොරෝනා වෛරස ආසාදිතයන් දින 14ක් හුදකලා කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය තවමත් නිර්දේශ කරයි.

නව කොරෝනා වෛරස ආසාදනය කළමනාකරණය භාර ලෝක සෞඛ්‍ය සංවිධාන නිලධාරියා ඊයේ (4) පැවති මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියේ,  ආසාදිතයන්ගේ නිරෝධායන කාලය කෙටි කරන ලෙස ඇතැම් රටවල් මෑතකදී කළ නිවේදනයට ප්‍රතිචාර දක්වමිනි. තම තමන් සතු සෞඛ්‍ය සේවා තත්ත්ව අනුව හුදකලා කාලය තීරණය කිරීමට විවිධ රටවලට හැකි බව ද හෙතෙම කියා සිටියේය.

ඔමික්‍රොන් වෛරස ප්‍රභේදයේ බලපෑම අවම කිරීමට ඇති හොඳම ක්‍රමය, මේ වසරේ ජූලි මාසය වන විට සෑම රටකම ජනගහනයෙන් 70%කට එන්නත් කිරීමේ ලෝක සෞඛ්‍ය සංවිධාන ඉලක්කය සපුරා ගැනීම බව එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය