ගෝලීය වශයෙන් නව කොරොනා වසංගතය හමුවේ දැඩි විශ්වාසයකින් හා එකමුතුවෙන් ඊට මුහුණදීම වසංගතය ජය ගැනීමට හැකි එකම නිවැරදි ගමන්මග බව චීනය පවසයි.
චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Zhao Lijian මහතා අද(19) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව සඳහන් කළේ ය.
පසුගිය දා වීඩියෝ ආකාරයෙන් පැවති 2022 වසරේ ලෝක ආර්ථික සංසදයට එක්සත් ජාතීන්ගේ මහලේකම් António Guterres මහතා එක්වෙමින් දේශනයක් සිදු කළේ ය. හෙතෙම පැවසුවේ ලෝක සෞඛ්‍ය සංවිධානය නියම කළ පරිදි, 2021 වසර අවසානයේ ගෝලීය සමස්ත ජනගහනයෙන් 40%ක් කොවිඩ්-19 එන්නත ලබා ගෙන අවසන් විය යුතු බවයි. මෙම වසරේ මැද භාගය වන විට 70%ක ජනගහනය එන්නත ලබා ගෙන අවසන් විය යුතු ය. එහෙත්, මේ වන විට, එම අරමුණ ඉටු කර ගැනීමට තව දිගු ගමනක් යා යුතුව ඇති බවත් එන්නත් සාධාරණ ලෙස බෙදා හැරිය යුතු බවත් හෙතෙම යළිත් අවධාරණය කළේ ය.
අදාළ රටවල් හා ජාත්‍යන්තර සංවිධාන, චීනය සමග එක්ව, ගෝලීය ‘ ප්‍රතිදේහ පරතරය ’ අවසන් කර මානවයාට හැකි ඉක්මනින් වසංගතය පරාජයට පත් කිරීමට ප්‍රායෝගික දායකත්වයක් ලබා දිය හැකි බවට අපේක්ෂා කරන බව ද චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයා අවධාරණය කරයි.