ඩොලර් නැතුව විදෙස් අධ්‍යාපනය ලබන දරුවන් අමාරුවේ.

විදේශ රටවල අධ්‍යාපනය හදාරමින් සිටින දරුවන්ට අවශ්‍ය මුදල් යැවීමට නොහැකි වීමෙන් ඔවුන්ගේ මවුපියන් දැඩි අසීරුතාවයට පත්ව සිටිනවා .

එමෙන්ම එම සිසුන් දරුවන්ට ද අධ්‍යාපන කටයුතුවලට යෙදවීමට මෙන්ම ජීවත් වීමට අවශ්‍ය මුදල් නැති වීම හේතුවෙන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා සඳහන් කරනවා .

මෙරට දරුවන් ලක්ෂයකට අධික පිරිසක් මේ වන විට විදේශයන්හි අධ්‍යාපනය ලබන අතර ඔවුන්ට අවශ්‍ය පාඨමාලා ගාස්තුව හා ජීවන වියදම සඳහා මුදල් බහුතරයක් දෙමාපියන්ගේ මෙරටින් යන බවද ඔහු සඳහන් කරනවා .

මේ වන විට මෙරට බැංකු වලින් ඩොලර් නොකිරීම නිසා දෙමාපියන් වැඩි අසහනකාරී තත්ත්වයට පත්ව සිටින බවයි සඳහන් වන්නේ.