චීන විදේශ අමාත්‍ය සහ රජයේ ප්‍රධානීන් අතර සාකච්ඡා අද

දිවයිනට පැමිණි චීන විදේශ අමාත්‍ය වෑන් යී සහ රජයේ ප්‍රධානීන් අතර සාකච්ඡා අද පැවැත්වෙනවා.

18 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක්ද සමග චීන විදේශ අමාත්‍යවරයා ඊයේ රාත්‍රියේයි දිවයිනට ළගා වූයේ.

මෙම පිරිස පිළිගැනීම සදහා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ද කටුනායක ගුවන් තොටුපළට පැමිණ තිබුණා.

චීන විදේශ අමාත්‍යවරයා ඇතුළු දුත පිරිස ශ්‍රී ලංකා සංචාරය නිමා කර අද දහවල් නැවතත් චීනයේ බෙයිජිං නුවර බලා පිටත්ව යාමට නියමිතයි.