චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් Shen Haixiong මහතා CGTN, චීන ජාත්‍යන්තර ගුවන්විදුලිය හා වෙබ් අඩවිය ඔස්සේ එතෙර ප්‍රේක්ෂකයන්ට නව වසර වෙනුවෙන් සුබ පැතුම් පිරිනමයි.
ගෙවී ගිය 2021 වසරේදී චීන කොමියුනිස්ට් පක්ෂය තම ශත සංවත්සරය අභිමානයෙන් සැමරුවේය. වසර සියයකට පෙර, ස්ථාපනය වූ කාලයේ 50කට වැඩි සාමාජික පිරිසකගෙන් පමණක් සමන්විතව, අද වන විට මිලියන 90කට වැඩි සාමාජිකත්වයෙන් යුතු චීන කොමියුනිස්ට් පක්ෂය, ජනතාවට මඟපෙන්වමින් අහස පවා වෙනස් කළ හැකි තරමේ චීන ආශ්චර්යයක් නිර්මාණය කර තිබෙන බව Shen Haixiong මහතා පෙන්වා දෙයි. නව යුගයට පිවිසීමෙන් පසු චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ නායකත්වය යටතේ, බිලියන 1.4ක ජනගහනයක් සහිත චීනය, අංග සම්පූර්ණ සුවපහසු සමාජයක් ලෙස ගොඩනගා තිබෙන බව ඔහු කියා සිටී.
මසකට පෙර චීනයේ මහජන ජාත්‍යන්තර ගුවන්විදුලි සේවාවන්හි 80 වැනි සංවත්සරය නිමිත්තෙන් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා චීන මාධ්‍ය සමූහයට සුබ පැතුම් පිරිනැමීය. චීන කථා මියුරුව පවසා, චීන හඩ මනාව නංවා, චීන මාධ්‍ය සමූහය ප්‍රබල ප්‍රමුඛත්වයක්, ප්‍රචාරණයක්, බලපෑමක් සතු ඉහළ පෙළේ නවීන ප්‍රධාන ජාත්‍යන්තර මාධ්‍ය ආයතනයක් ලෙසට ගොඩනගා ගැනීම යන ඉලක්කය කරා චීන මාධ්‍ය සමූහය අඛණ්ඩව ප්‍රයත්න දරනු ඇතැයි ඔහු පැවසීය.
ගත වූ වසරක් තුළ චීන මාධ්‍ය සමූහයේ මිත්‍ර සබඳතා පුළුල් වෙමින් පවතී. චීන මාධ්‍ය සමූහය ජාත්‍යන්තර මාධ්‍ය ආයතන හා මිත්‍රයන් සමඟ ලියුම් 600කට වැඩි ප්‍රමාණයක් හුවමාරු කර ගනිමින් මාර්ගගත සහ මාර්ගගත නොවන ආකාරයෙන් හමුවීම් 20කට වැඩි වතාවක් පැවැත්වූහ. ඉවසීමෙන් යුතුව, මනා අන්‍යෝන්‍ය අවබෝධය ලබා ගැනීමේ මාධ්‍ය හවුල්කාරී සහයෝගීතා යාන්ත්‍රණයක් ගොඩනගා, අවංක සහ උද්යෝගිමත් මාධ්‍ය හුවමාරු මගින් අන්‍යෝන්‍ය විශ්වාසය පාලම් සේ සවිමත් විය. හැඟුම්බර ඇමතුම් හා ලියුම් මගින් පෙරට වඩා හොඳින් ක්‍රියා කිරීමට චීන මාධ්‍ය සමූහය දිරිගැන්වෙන බව ඔහු පැවසීය. එතෙර ප්‍රේක්ෂකයන්ගේ විශ්වාසයට Shen Haixiong මහතා එහිදී ස්තුතිය පළ කළේය.