චීන තායිවාන ප්‍රදේශයේ නායිකා Tsai Ing-wen මහත්මිය එහි නියෝජ්‍ය නායකයා ‘ ජනාධිපතිවරියගේ විශේෂ නියෝජිතයා ’ ලෙස ඇමරිකාව හරහා ලබන 27වැනි දා පැවැත්වීමට නියමිත හොන්ඩුයරස් ජනරජයේ ජනාධිපතිවරයාගේ දිවුරුම් දීමේ උත්සවයට එක්වීමට යැවීමට සැළසුම් කර ඇති බව ආරංචි මාර්ගය පවසයි. හෙතෙම ඇමරිකාවේදී එරට උප ජනාධිපතිනිය සමග ක්‍රියාකාරකමකට සහභාගී වීමට ද අපේක්ෂාවෙන් සිටී.
මේ පිළිබඳව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Zhao Lijian මහතා අද(20) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී සඳහන් කළේ ඇමරිකාව හෝ චීනය සමග රාජ්‍ය තාන්ත්‍රික සබඳතාව පිහිටවූ සෙසු රටවල් තායිවාන ප්‍රදේශ නියෝජිතයන්‍ට තම රටවල් හරහා යාමට සහාය වීම මෙන්ම ඇමරිකාව සහ තායිවානය අතර ඕනෑ ම නිල සම්බන්ධතාවකට චීනය තරයේ ම විරුද්ධ වන බවයි.