චීන ජනාධිපතිවරයා ගෙන් කසක්ස්තාන ජනාධිපතිවරයාට වාචික පණිවිඩයක්

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අද(7) කසකස්තාන ජනාධිපති Kassym-Jomart Tokayev මහතාට වාචික පණිවිඩයක් ‍යොමු කළේ ය.

මෑතකදී කසකස්තානයේ සිදු වූ මහා පරිමාණ කැරලි හේතුවෙන්, විශාල ජීවිත හානි හා දේපළ හානි සිදු විය. මේ පිළිබඳ තමා අවංක සංවේගය පළ කරන බව, ෂී ජින් පිං මහතා එම වාචික පණිවිඩයෙන් සඳහන් කළේ ය.

තත්ත්වය කඩිනමින්  සමනය කිරීම සඳහා තීරණාත්මක අවස්ථාවන්හිදී කසක්ස්තාන ජනාධිපතිවරයා  තීරණාත්මක පියවර ගෙන ඇතැයි ද ‍ එම පණිවිඩයේ ‍දැක්වේ. දේශපාලකයෙකු ලෙස වගකීම් සහ, රට සහ ජනතාව වෙනුවෙන් ඉහළ වගකීම් සහගත ස්ථාවරය, ඉන් පිළිබිඹු වන බව ද , ෂී ජින් පිං මහතා Tokayev මහතා වෙත  පවසා ඇත.

කවර හෝ බලවේගයක් කසකස්තානය අස්ථාවර කිරීමට සහ කසකස්තානයේ ආරක්ෂාවට තර්ජන එල්ල කිරීමට, චීනය දැඩි ලෙස විරුද්ධ  බව, ෂී ජින් පිං මහතා අවධාරණය කළේ ය.

කසකස්තානයට දුෂ්කරතා මඟහරවා ගැනීමට උපකාර කිරීම සඳහා අවශ්‍ය සහාය ලබා දීමට සිය උපරිමයෙන් ක්‍රියා  කිරීමට චීනය කැමැත්තෙන් සිටී.

කවර හෝ අවදානම් සහ අභියෝග හමුවුවද, චීනය සැමවිටම කසකස්තානයේ විශ්වාසවන්ත මිතුරා සහ විශ්වාසවන්ත සහකරු  බව, ෂී ජින් පිං  සඳහන් කළේ ය.