චීන ජනපති 2022 ලෝක ආර්ථික සංසදයේ වීඩියෝ සම්මන්ත්‍රණයට එක්වෙයි

ලෝක ආර්ථික සංසදයේ නිර්මාතෘ සහ විධායක සභාපති ක්ලවුස් ෂ්වාබ්ගේ ආරාධනයෙන්, චීන ජනාධිපති ෂි ජින් පිං මහතා අද( 17 ) බෙයිජිං හිදී  2022 ලෝක ආර්ථික සංසදයේ වීඩියෝ සම්මන්ත්‍රණයට සහභාගී වී දේශනයක් පැවැත්වීය. මෙම වසරේ ජනාධිපතිවරයා සහභාගී වූ පළමු වැදගත් බහුපාර්ශ්වික රාජ්‍යතාන්ත්‍රික උත්සවය මෙයයි. .

සති දෙකකින්, චීන සාම්ප්‍රදායික අලුත් අවුරුද්ද උදාවන බව ජනාධිපතිවරයා සිය දේශනය ආරම්භයේ දී   පැවසීය. වර්තමාන බරපතළ අභියෝගවලට මුහුණ දී   කොරොනා වසංගතය තුරන් කර ආර්ථික හා සමාජීය අංශ සම්පූර්ණයෙන්ම ප්‍රවර්ධනය කිරීමට අප උත්සාහ කළ යුතු යැයි ෂි ජින් පිං මහතා පෙන්වා දුන්නේය .  වසංගතය ජය ගන්නේ කෙසේද? පශ්චාත් වසංගත ලෝකයක් ගොඩනඟන්නේ කෙසේද? මෙය ලෝකයේ සියලුම රටවල ජනතාවගේ පොදු අවධානයට ලක්විය යුතු ප්‍රධාන ගැටලුවක් වන අතර එය පිළිතුරු දිය යුතු හදිසි සහ ප්‍රධාන මාතෘකාවක් යැයි ද ෂි ජින් පිං මහතා අවධානය කළේය.

ඉතිහාසයේ දීර්ඝ කාලීන සංසන්දනාත්මක විග්‍රහයන් ගැන සිතීමට අප දක්‍ෂ විය යුතු අතර දුෂ්කරතා සහ අභියෝග ජය ගැනීමට ප්‍රබල ශක්තියක් එක්රැස් කරගත යුතුයැයි ද ෂි ජින් පීං මහතා පෙන්වා දුන්නේය.

විවිධ රටවල් සැබෑ බහුපාර්ශ්වවාදයට අනුගත විය යුතු අතර විවෘත ලෝක ආර්ථිකයක් ගොඩනැගීම ප්‍රවර්ධනය කළ යුතු බව ලෝක ආර්ථික සංසදය වීඩියෝ ආකාරයෙන් අමතමින් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා පැවසීය.

ගෝලීය අර්බුදයකදී රටවල් 190කට වැඩි සංඛ්‍යාවක් කුඩා බෝට්ටුවල ගමන් නොකරන නමුත් පොදු ඉරණමක් සහිත විශාල නෞකාවක ගමන් කරන බව සත්‍යයෙන් නැවතත් පෙන්වා දී ඇති බව හෙතෙම එහිදී අවධාරණය කළේය.

සාමකාමී සංවර්ධනය සහ ජයග්‍රාහී සහයෝගීතාව ලෝකයේ නිවැරදි මාවත වන අතර සියලු ආකාරයේ ඒකපාර්ශ්වවාදයට, ආරක්ෂණවාදයට සහ සියලු ආකාරයේ අධිපතිවාදයට හා බල දේශපාලනයට විරුද්ධ විය යුතු බවද චීන ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය.

චීන ආර්ථිකයේ සමස්ත වර්ධන ප්‍රවණතාව මනා තත්ත්වයක පවතී. පසුගිය වසරේ චීනයේ දළ දේශීය නිෂ්පාදිත වටිනාකම 8%කින් පමණ වර්ධනය වී ඇත. චීන ආර්ථිකය දිගුකාලීන ව යහපත් අතට හැරීමේ තත්ත්වය නොවෙනස්ව පවතී. චීන ආර්ථිකයේ ඉදිරි ප්‍රගමනය පිළිබඳව දැඩි විශ්වාසයක් ඇති බවද  ෂී ජින් පිං මහතා සඳහන් කළේ ය.

චීනය පොදු සමෘද්ධිය සාක්ෂාත් කරයි. එහෙත්, සමානාත්මතාවාදය අනුගමනය නොකරයි. වැඩි සංවර්ධන ප්‍රගතීන් මගින් වඩාත් සාධාරණ ලෙස සමස්ත චීන ජනතාවට සුබසෙත සැලසීමට චීනය කටයුතු කරනු ඇත.

එමෙන් ම, ෂී ජින් පිං මහතා පෙන්වා දී තිබෙන්නේ මනා පරිසරය නමැති  වස්තුව යන සංකල්පයේ චීනය එල්බ සිටින බවයි. ජෛව ශිෂ්ටාචාර සංවර්ධනය තහවුරු කිරීම, වායු දූෂණ පාලනය හා ජනතාවගේ නිෂ්පාදන හා වාසය කිරීමේ පරිසරය යහපත් කිරීම සඳහා චීනය උපරිමයෙන් දායක වෙයි.

Davos හිම හා අයිස් ක්‍රීඩා සඳහා ලෝකයේ ඉතා ජනප්‍රිය ගමනන්තයකි. බෙයිජිං ශීත ඍතු ඔලිම්පික් ක්‍රීඩා උළෙල හා පැරාලිම්පික් ක්‍රීඩා උළෙල ළඟදී ම ආරම්භ වෙයි. ලෝකය වෙත, චාම්, සුරක්ෂිත හා අසිරිමත් ඔලිම්පික් සැණකෙළියක් ඉදිරිපත් කිරීමට චීනය සූදානමින් සිටින බව ද හෙතෙම කියා සිටියේය