එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ ඡන්ද අයිතිය ඉරානයට යළි හිමිවේ

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ ඡන්ද අයිතිය යළි ලබාගත් බව ඉරානය නිවේදනය කරයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ, ඉරානයේ ස්ථිර නියෝජිත Majid Takht Ravanch 22 වෙනිදා නිවේදනය කළේ, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සාමාජිකත්ව ගාස්තු නොගෙවීම නිසා ඉරානයට අහිමි වූ ඡන්ද අයිතිය නැවත ලබා දී ඇති බවයි. මේ බව, ඉරාන ඉස්ලාමීය ජනරජයේ ප්‍රවෘත්ති ඒජන්සිය ඊයේ (23) වාර්තා කර තිබිණ.

ඉරානය මෙවර එක්සත් ජාතීන්ගේ සාමාජික ගාස්තු වශයෙන් ඩොලර් මිලියන 18ක් ගෙවා ඇති අතර, එම මුදල දකුණු කොරියාව විසින් එරට තුළ අත්හිටවූ ඉරාන අරමුදල් වෙනුවෙන් ගෙවා ඇති බව වාර්තා වේ.

ඉරානයට එරෙහි ඇමරිකානු සම්බාධක හේතුවෙන්, 2019 සැප්තැම්බර් මාසයේ සිට දකුණු කොරියානු බැංකු දෙකක් ඉරාන අරමුදල්වලින් ඇමරිකානු ඩොලර් බිලියන 7 ක පමණ මුදලක් අත්හිටුවා ඇත.