එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඊයේ සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය හෙළා දකිමින් විදේශ අමාත්‍යංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
සිවිල් වැසියන් කිහිපදෙනෙකුට මරු කැදවමින් එක්සත් අරාබිඑමීර් රාජ්‍යයේ වෙසෙන සිවිල් වැසියන් සඳහා වූ පහසුකම්වලට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය ශ්‍රී ලංකා රජය දැඩි ලෙස හෙළා දකන බවයි එහි දැක්වෙන්නේ.
විපතට පත්වූවන්ගේ පවුල්වලට, එක්සත් අරාබි එමීර්රාජ්‍යයේ ජනතාවට සහ රජයට ශ්‍රී ලංකාව සිය බලවත් ශෝකය පළ කර සිටින බවයි විදේශ අමාත්‍යංශ නිවේදනයේ සඳහන් වන්නේ.
එමෙන්ම ගෝලීය සාමයට සහ ආරක්ෂාවට හානි එල්ලවන ත්‍රස්තවාදී තර්ජනවලට එරෙහිව අඛණ්ඩව සුපරීක්ෂාකාරී වීමේ අවශ්‍යතාවය ශ්‍රී ලංකාව යළිත් අවධාරණය කරන බවත් එහි සදහන් වෙනවා .