ඇමරිකාව තවදුරටත් Guantanamo බන්ධනාගාරය භාවිත කිරීම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් විශේෂඥයන්ගේ දෝෂදර්ශනයට

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ, මානව හිමිකම් ප්‍රශ්න පිළිබඳ විශේෂඥ කණ්ඩායම නිවේදනයක් පළ කරමින්, බොහෝ චෝදනාවන්ට ලක් වූ Guantanamo බන්ධනාගාරය ඇමරිකාව තවදුරටත් භාවිත කිරීම සම්බන්ධයෙන් චෝදනා කළේය. එය නීතියේ පාලනය සම්බන්ධයෙන් ඇමරිකානු රජයට කැළලක් ලෙස විශේෂඥ කණ්ඩායම විසින් හඳුන්වා දෙනු ලැබ තිබේ. ගෙවී ගිය වසර 20 තුළ Guantanamo බන්ධනාගාරයේ නඩු ඇසීමකින් තොරව මිනිසුන් රඳවා තැබීම හා දරුණු වධහිංසා පැමිණවීම කිසිදු රජයකට කිසිසේත් පිළි ගත නොහැකි බව එම නිවේදනයේ සඳහන් විය.

https://news.un.org/en/story/2022/01/1109472