කොරොනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් මුහුණදී ඇති පසුබෑම්වලින් මිදී ශ්‍රී ලංකාව කඩිනමින් යථා තත්ත්වයට පත්වෙනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය විශ්වාසය පළ කරයි. එම සංවිධානයේ සහකාර මහලේකම් හා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ආසියානු හා ශාන්තිකර කලාපීය කාර්යාංශයේ අධ්‍යක්‍ෂ කන්නි විග්නරාජා මහත්මිය ඇමති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා හමුවූ අවස්ථාවේ ඒ බව සඳහන් කළාය. දැනට ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරතව සිටින විග්නරාජා මහත්මිය විදේශ කටයුතු අමාත්‍යංශයේදී පසුගියදා ඇමතිවරයා හමුවූවාය. මෙරට පවතින ප්‍රමුඛතා හඳුනා ගැනීම හා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මගින් ශ්‍රී ලංකාවට සහාය දියහැකි නව මාර්ග ගවේෂණය කිරීම ඇයගේ සංචාරයේ අරමුණයි.
කොරොනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ ඇති වූ සමාජ ආර්ථික බලපෑම සමග කටයුතු කිරීමට ශ්‍රී ලංකාව අනුගමනය කළ ක්‍රියාමාර්ග විදේශ කටයුතු ඇමතිවරයා එහිදී ඇයට පැහැදිලි කර ඇත.