වෛද්‍ය වැඩවර්ජනයෙන් රෝගීන් දැඩි අපහසුතාවයට

මහනුවර සමූහ වාර්තාකරු. කපිල ගලපිටගේ

රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් මෙහෙයවනු ලබන වැඩවර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට පත්ව සිටිනවා . අසරණ රෝගීන් ඇපයට තබාගෙන සිදුකරන මෙම අසාධාරණ කටයුත්ත මහජනතාව පිළිකුලෙන් හෙළා දකිනවා.  මහනුවර මහ රෝහල ආශ්‍රිතව අප මාධ්‍යවේදියා කළ කළ සංචාරයේ දී දැක ගන්නට ලැබුණේ ඉතාශෝචනීය තත්ත්වයක්. දුර බැහැර සිට පැමිණ ඇති රෝගීන්ට තම ප්‍රතිකාර ලබා ගැනීමට නොහැකිව ඔවුන් ඉතා අපහසුතාවයට පත්ව සිටිනවා  .