රටවල් අතර ගැටීම් ඇතිකිරීමේ හා උසිගැන්වීමේ ඇමරිකානු ක්‍රියා පිළිවෙත ආසියා ශාන්තිකර කලාපයේ සාර්ථක නොවනු ඇතැයි චීනය කියා සිටී

රටවල් අතර අන්‍යෝන්‍ය ගැටීම්, එරෙහි වීම් නිර්මාණය කිරීමේ හා  උසිගැන්වීමේ ඇමරිකානු ක්‍රියා පිළිවෙත ආසියා ශාන්තිකර කලාපයේ සාර්ථක නොවනු ඇතැයි චීනය කියා සිටී.

‍ඇමරිකානු රාජ්‍යලේකම් Antony Blinken මේ දිනවල ආසියානු රටවල නිරත වන නිල සංචාරයේදී චීනය පිළිබඳ පදනම් විරහිත ප්‍රකාශ කර ඇත. ඒ පිළිබඳව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Wang Wenbin මහතා අද(14) පැවති දෛනික මාධ්‍ය හමුවේදී පැවසුවේ රටවල් අතර බෙදීම හා විසම්බන්ධය ඇති කිරීම, ගැටීම හා  උසිගැන්වීම ලොව පිළිගැනීමට ලක්නොවන අතර ඇමරිකාවේ එම ක්‍රියාව ආසියා ශාන්තිකර කලාපයේ සාර්ථක නොවනු ඇති බවයි.

චීනයේ තර්ජනය යන සංකල්පය ප්‍රචාරය කරන ඇමරිකාව චීනය සමග ගැටීමට අකමැති බව ප්‍රකාශ කරයි. මෙම පරස්පර විරෝධී ප්‍රකාශ සහ ක්‍රියා, චීන-ඇමරිකානු රාජ්‍ය නායක හමුවේදී ප්‍රකාශිත ජීවගුණය කෙළෙසා දමන බවත්, ඉන් සෙසු රටවල පිළිගැනීම ලබා ගත නොහැකි බවත් Wang Wenbin මහතා පැවසීය.