රජයේ වෛද්‍ය වැඩ වර්ජනය නිසා රෝගීන් දැඩි අපහසුතාවයට

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය දිස්ත්‍රික් 05 ක රජයේ රෝහල්වල ආරම්භ කර ඇති වැඩ වර්ජනය හමුවේ රෝගීන් දැඩි අපහසුතාවයට පත්ව තිබෙනවා.

මන්නාරම / ත්‍රිකුණාමලය / නුවරඑළිය / රත්නපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්වල රජයේ රෝහල් සහ සෞඛ්‍ය වෛද්‍ය ආයතනවල වෛද්‍යවරුනුයි අද පෙරවරු 08 සිට මෙලෙස පැය 24 ක වැඩ වර්ජනයක් ආරම්භ කරනු ලැබුවේ.

පශ්චාත් නේවාසික පත්වීම් ලබාදීම සම්බන්ධයෙන් ඇතිවී ඇති ගැටළුවක් මීට හේතුවයි.

කෙසේවෙතත් වැඩ වර්ජනයක් පැවතියද හදිසි ප්‍රතිකාර සිදු කරන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සඳහන් කරනවා .