යුගදනවි බලාගාරය සහ අමෙරිකානු සමාගමක් අතර අත්සන් කර ඇති ගිවිසුම පිළිබඳව ලබන සතියේ අමාත්‍ය මණ්ඩලය දැනුවත් කිරීමට පියවර

කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳව මුදල් අමාත්‍යාංශය විසින් කැබිනට් මණ්ඩලය දැනුවත් කිරීමට සූදානම් වෙයි.

ලබන සඳුදා දිනය් පැවැත්වෙන කැබිනට් මණ්ඩලයේ දී අදාළ දැනුවත් කිරීම සිදුකිරීමට නියමිත බව වාර්තා වේ.

යුගදනවි බලාගාරය සහ අමෙරිකානු සමාගමක් අතර අත්සන් කර ඇති ගිවිසුම පිළිබඳව මෙහිදි මුදල් අමාත්‍යංශය විසින් කැබිනට් මණ්ඩලය දැනුවත් කිරීමට නියමිතව තිබේ.

අදාළ ගිවිසුමට එරෙහිව මේ වන විටත් පාර්ශ්ව කිහිපයක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මුලික අයිතිවාසිකම් පෙත්සම් ගොනුකර ඇති අතර අදාළ පෙත්සම් ලබන 16 සහ 17 යන දෙදින පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලීමට නියමිතය