චීන මාධ්‍ය සමූහයේ 190 වැනි වාර්තාකරණ මධ්‍යස්ථානය නිකරගුවාවේ දී විවෘත කෙරේ

චීන මාධ්‍ය සමූහයේ Managua හි වාර්තාකරණ මධ්‍යස්ථානය ඊයේ (15) නිකරගුවාවේ අගනුවර වන Managua හි නිල වශයෙන් විවෘත කෙරිණ. විදේශයන්හි පිහිටි චීන මාධ්‍ය සමූහයේ 190 වැනි වාර්තාකරණ මධ්‍යස්ථානය මෙයයි.

ඊයේ (15) පැවති විවෘත කිරීමේ උත්සවයේදී, චීන මාධ්‍ය සමූහය සහ නිකරගුවා සන්නිවේදන හා සිවිල් කටයුතු කොමිෂන් සභාවේ නියෝජිතයෝ සහයෝගීතා සහ හුවමාරු සංදේශයකට නිල වශයෙන් අත්සන් තැබූහ.

දින කිහිපයකට පෙර, නිකරගුවාව සහ චීනය ඒකාබද්ධ නිවේදනයකට අත්සන් තබමින් තානාපති මට්ටමින් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අන්‍යෝන්‍ය වශයෙන් පිළිගැනීම සහ ප්‍රතිෂ්ඨාපනය කිරීම ප්‍රකාශ කළ බව නිකරගුවා ජනාධිපති උපදේශක Laureano Ortega මහතා එහිදී පැවසීය. ඉන් පසුව, රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නැවත ආරම්භ කිරීම සහ විවිධ ක්ෂේත්‍රවල සහයෝගීතාව ආරම්භ කිරීම සඳහා දෙරට රජයන් සමීපව කටයුතු කර ඇත. චීන මාධ්‍ය සමූහයේ Managua හි වාර්තාකරණ මධ්‍යස්ථානය විවෘත කිරීම මාධ්‍ය ක්ෂේත්‍රයේ දෙරට අතර පවතින ප්‍රායෝගික සහයෝගීතාවයේ  නව ආරම්භයක් සනිටුහන් කරන බව හෙතෙම පැවසීය