චීන අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේදී ප්‍රථමවරට අභ්‍යාවකාශ විද්‍යා පාඩම් ඉගැන්වීමක්

චීන අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේදී ප්‍රථම අභ්‍යාවකාශ විද්‍යා පාඩම් ඉගැන්වීම සාර්ථක වේ.

“අභ්‍යවකාශ ගුරුවරුන්” වන Zhai Zhigang, Wang Yaping සහ Ye Guangfu යන ගගනගාමීහු  අද 09  චීන අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේදී සිසුන්ට අපූරු අභ්‍යවකාශ විද්‍යා පාඩමක් ඉගැන් වූහ.

පාඩම් අතරතුර Zhai Zhigang, Wang Yaping සහ Ye Guangfu විසින් අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ කාරයයන් සහ ජීවන දර්ශන විචිත්‍රවත් ලෙස හඳුන්වා දුන් අතර, ක්ෂුද්‍ර ගුරුත්වාකර්ෂණ පරිසරයක් තුළ සෛල විද්‍යා අත්හදා බැලීම්, වස්තු චලිතය සහ දියර මතුපිට ආතතිය වැනි ඉන්ද්‍රජාලික සංසිද්ධි ඔවුහු පෙන්නුම් කළහ. අත්හදා බැලීම පිටුපස ඇති විද්‍යාත්මක මූලධර්ම එහිදී පැහැදිලි කෙරිණ. ගගනගාමීහු තිදෙනා වීඩියෝ ඇමතුම් හරහා පෘථිවියේ පන්තිකාමරවල ගුරුවරුන් හා සිසුන් සමඟ තත්‍ය කාලීනව අදහස් හුවමාරු කර ගත්හ. සම්පූර්ණ අභ්‍යාවකාශ ඉගැන්වීම් ක්‍රියාකාරකම සජීවීව විකාශය කෙරිණ.

Zhai Zhigang, Wang Yaping සහ Ye Guangfu යන චීන ගගනගාමීන් තිදෙනා රැගත් ෂෙන්චෞ 13 අභ්‍යාවකාශ යානය පසුගිය ඔක්තෝම්බර් 16වැනිදා සාර්ථකව ගුවන් ගත කෙරිණ. සැලැස්මට අනුව ඔවුන් අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ මාස 6ක් රැඳී සිටීමට නියමිතය