කොරොනා වසංගතය වැළැක්වීමේදී රට තුළට ප්‍රවේශ වන දොරටු කෙරෙහි විශේෂ අවධානය යොමු කළ යුතු බව චීන සෞඛ්‍ය කොමිසම පවසයි.
චීන රාජ්‍ය මණ්ඩලය පසුගිය 11 වනදා පැවැත්වූ මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළේය.දැනට ගුවනින් චීනයට පැමිණි ආසාදිතයන්ගෙන් එල්ල වූ වසංගත අවදානම අඛණ්ඩව ඉහළ යමින් පවතී. වසංගතය වැළැක්වීම සඳහා ප්‍රවේශ දොරටු වෙත විශේෂ අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය බව චීන සෞඛ්‍ය කොමිසමේ ප්‍රකාශක Mi Feng මහතා සඳහන් කළේය.
මෑතකදී ප්‍රවේශ දොරටු පිහිටි නගරවල නව කොරෙනා වසංගතය වැළැක්වීමේ කටයුතු පිළිබඳ දැනුම්දීමේ නිවේදනය චීන රාජ්‍ය මණ්ඩලය විසින් නිකුත් කෙරිණ. අදාළ දොරටු ආශ්‍රිතව වසංගත වැළැක්වීමේ විශේෂ කාර්ය මණ්ඩල ස්ථාපනය කරමින් වසංගත වැළැක්වීම සහ පාලනය සාමාන්‍යකරණය කළ යුතු ය. එමෙන්ම එම දැනුම්දීමට අනුව, සම්පූර්ණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර පූර්ණ ආවරණය කළ යුතු බවද Mi Feng මහතා ප්‍රකාශ කළේය.
ඔමික්‍රොන් වෛරස් ප්‍රභේදය ලොව පැතිර යාමේ ප්‍රවණතාවට චීන සෞඛ්‍ය කොමිසම දැඩි අවධානය යොමු කරනු ඇත.එම ප්‍රභේදය චීනයට ප්‍රවේශ වීම හා පැතිර යාම වැළැක්වීම සඳහා ඊට අදාළ පර්යේෂණ කටයුතු ඉවහල් වනු ඇතැයි චීන සෞඛ්‍ය කොමිසමේ ප්‍රකාශක Mi Feng මහතා එහිදී පැවසීය.