චීනය ඉදිරිපත් කළ ගෝලීය සංවර්ධන යෝජනාව ජාත්‍යන්තර ප්‍රජාවගේ පුළුල් පිළිගැනීමට ලක්වෙයි

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඉදිරිපත් කළ ගෝලීය සංවර්ධන යෝජනාවට  ජාත්‍යන්තර ප්‍රජාවගේ පුළුල් සහයෝගය පළවේ.

එම යෝජනාව එක්සත් ජාතීන්ගේ 76 වැනි මහා මණ්ඩල සැසියේ පොදු විවාදයේදී ඉදිරිපත් කෙරිණ. රටවල් විශාල සංඛ්‍යාවක් සහ බොහෝ ජාත්‍යන්තර සංවිධාන මෙන්ම විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල පිළිගැනීමට එය ලක්ව ඇති බව චීන විදේශ අමාත්‍යංශ  Wang Wenbin මහතා ඊයේ (8) පැවසීය.

වසංගතයට මුහුණු දීමේදී, එකමුතුකම සහ සහයෝගීතාවය අත්‍යවශ්‍ය මෙන්ම නිශ්චිත ප්‍රවණතාවන් බව ද හෙතෙම පෙන්වා දුන්නේය. චීනය සියලු සමාන අදහස් ඇති හවුල්කරුවන් එම යෝජනාවට එක් වීම සාදරයෙන් පිළිගනු ඇත. 2030 න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීම සඳහා ශක්තිමත් සහයෝගීතාවයන් එක්රැස් කරමින්, ගෝලීය තිරසර සංවර්ධනය සඳහා හවුල්කරුවන් සමඟ කැපවීමට චීනය කැමැත්තෙන් සිටින බව ද Wang Wenbin මහතා පැවසීය.