කෙන්යාව, පිලිපීනය සහ ඉන්දුනිසියාවෙන් ඔමික්‍රොන් හමුවේ

කෙන්යාව, පිලිපීනය සහ ඉන්දුනිසියාව යන රටවලින් ඔමික්‍රොන් වෛරස ප්‍රභේදය ආසාදනය වූ පළමු රෝගීන් වාර්තා වී තිබේ. පසුගිය 15 වෙනිදා හා 16 වෙනිදා එම රෝගීන් වාර්තා වී ඇත. ජපානයේ විදේශ සංචාරය නොමැති එම ප්‍රභේදය ආසාදනය වූ ප්‍රථම රෝගියා සොයා ගනු ලැබිණ.

කොවිඩ් වෛරස ආසාදන ප්‍රතිශතය අඛණ්ඩව ඉහළ නංවමින්, ඔමික්‍රොන් වෛරස ප්‍රභේදය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමේ තත්වය යටතේ හංගේරියාව, ස්පාඤ්ඤය, ලිතුවේනියාව, ග්‍රීසිය සහ ඉතාලිය ඇතුළු යුරෝපා රටවල් 15 වැනි දා සිට වයස අවුරුදු 5 සිට 11 දක්වා වයස්වල පසුවන ළමුන්ට කොවිඩ් 19 එන්නත් කිරීමේ වැඩසටහන් ආරම්භ කර තිබේ. ජර්මනියේ හා ස්ලෝවේනියාවේ එම එන්නත්කරණය පිළිවෙළින් 13 සහ 14 වන දිනවල ආරම්භ විය. ලැට්වියාව ඇතුළු රටවල එම වැඩකටයුතු නුදුරේදීම ආරම්භ වීමට නියමිතයි. යුරෝපීය ඖෂධ පාලන ඒජන්සිය පසුගිය මාසයේ අගභාගය වන විට අඩු මාත්‍රාවකින් යුත් Pfizer එන්නත වයස අවුරුදු 5 සිට 11 දක්වා යන ළමුන්ට භාවිත කිරීමට අනුමත කර ඇතැයි වාර්තා වේ.