එක් තීරයක් එක් මාවතක් යටතේ අන්තර්ජාතික සහයෝගීතා තවදුරටත් තීව්‍ර කෙරේ

චීනය රටවල් 145 ක් සහ ජාත්‍යන්තර සංවිධාන 32 ක් සමඟ එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙල පොදුවේ ගොඩනැගීම සඳහා සහයෝගිතා ලේඛන 200කට අධික සංඛ්‍යාවක් අත්සන් තබා ඇතැයි චීන ජාතික සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කමිටුවේ ප්‍රකාශිකා Meng Wei මහත්මිය ඊයේ (16) ප්‍රකාශ කළාය.

මෑත දිනවල, චීනය, මධ්‍යම අප්‍රිකානු ජනරජය, ගිනියා-බිසවු, එරිත්‍රියාව, බුර්කිනා ෆාසෝ, සාඕ ටෝම් සහ ප්‍රින්සිපේ සහ අනෙකුත් අප්‍රිකානු රටවල් සමග එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙල පොදුවේ ගොඩනැගීම සඳහා සහයෝගිතා ලේඛන අත්සන් තැබීය.

මෙම වසරේ ජනවාරි සිට නොවැම්බර් දක්වා, චීන-යුරෝපීය භාණ්ඩ ප්‍රවාහන දුම්රිය සේවා 13,817 ක් ක්‍රියාත්මක කර ඇති අතර, සම්මත බහාලුම් මිලියන 1‍.332 ක් ප්‍රවාහනය කරන ලද අතර, එය පිළිවෙළින් 23%ක සහ 30% ක වාර්ෂික වර්ධනයක් බව Meng Wei මහත්මිය සඳහන් කළාය