ඊශ්‍රායලයේ කොරොනා වසංගතයේ පස්වන රැල්ලක් මතු වෙයි

ඊශ්‍රායල අගමැතිවරයා ඊයේ (19 ) ප්‍රකාශ කළේ ආසාදිත රෝගීන් සංඛ්‍යාව වැඩිවීමත් සමඟ කොරොනා වසංගතයේ පස්වන රැල්ලක් ඊශ්‍රායලයේ මතුව ඇති බවයි.

ඔමික්‍රොන් වෛරසය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව ඊශ්‍රායල අගමැතිවරයා රූපවාහිනිය ඔස්සේ ජනතාව අමතමින් පැවසීය. සති 3 සිට 4 දක්වා හෝ ඊටත් වඩා අඩු කාලයකදී ඊශ්‍රායලයේ ආසාදිත අනුපාතය වැඩි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

තම දරුවන්ට හැකි ඉක්මනින් එන්නත් ලබා දෙන ලෙස අගමැතිවරයා දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියේය. මෙම එන්නත දරුවන්ට ආරක්ෂිත බවත් දරුවන්ට එන්නත් ලබාදීම දෙමාපියන්ගේ වගකීමක් බවත් ඔහු පැවසීය.

ඊශ්‍රායාල සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත වලට අනුව, පසුගිය 19 වනදා රට තුළ නව ඔමික්‍රොන් වෛරස් ආසාදිතයින් 40 ක් වාර්තා වී ඇත.