ඉන්දියාවේත් booster එන්නතක් දෙන්න සැලසුම්

කොවිඩ් මර්දන බූස්ටර් හෙවත් අධිමාත්‍රාව ලබාදීමට ඉන්දියාවද තීරණය කර තිබෙනවා.

ඒ අනුව ලබන මස 10 වනදා සිට වයස අවුරුදු 60 ට වැඩි සියල්ලන්ට – සෞඛ්‍ය හා ඉදිරිපෙළ සේවකයන්ට පළමුවෙන් එය ලබාදීමට නියමිත බවයි අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සඳහන් කලේ.

ඊයේ රාත්‍රියේ ජාතිය අමතමින් ඔහු කියාසිටියේ වයස අවුරුදු 15 ත් 18 ත් අතර ළමුන්ට කොවිඩ් එන්නත් දීමද ලබන 03 වනදා සිට ආරම්භ කෙරෙන බවයි.

එමගින් පාසල් අධ්‍යයන කටයුතු හැකි ඉක්මණින් පූර්ණව ආරම්භ කිරීම අපේක්ෂා කෙරෙනවා.

එමෙන්ම ලොව පළමු ඩී එන් ඒ එන්නත ඉන්දියාව තුළදී හැකි ඉක්මණින් ලබාදීම ආරම්භ කෙරෙන බවද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කලා.

දැනට ඉන්දියාවේ වයස අවුරුදු 60 ට වැඩි ජනගහණයෙන් සියයට 90 කට වැඩි පිරිසකට පළමු මාත්‍රාව ලබාදී අවසන් අතර මාත්‍රා 02 ම ගත් සංඛ්‍යාව දැක්වෙන්නේ සියයට 61 ක් ලෙසයි.