ඇමරිකාව මානව හිමිකම් දේශපාලනීකරණය කිරීම පිළිබඳ වාර්තාවක්

චීන මානව හිමිකම් පර්යේෂණ ඇකඩමිය  ‘ඇමරිකාව විසින් මානව හිමිකම් දේශපාලනීකරණය කිරීමෙන් මානව හිමිකම් පදනමට කළ හානි’ නමැති වාර්තාව නිකුත් කරයි.

එම වාර්තාවට අනුව, මානව හිමිකම් පිළිබඳව ඇමරිකාව දරන ආකල්පවල දැකිය හැකි විපර්යාසය තුළින්, සත්‍යයක් පැහැදිලිය. එනම්, ඉතිහාසයේදී ඇමරිකාව මානව හිමිකම් මඟහැරීම් හා නිෂේධ කිරීම් පවා සිදු කර ඇති බවය. වර්තමානයේ නම් මානව හිමිකම්, ඇමරිකාව සෙසු රටවල කටයුතුවලට මැදිහත් වීම මෙන්ම දේශපාලන අරගල සඳහා ගන්නා මෙවලමක් බවට පත්කර ගෙන ඇත. මානව හිමිකම් හා සිය දේශපාලන උපායමාර්ග අතර ගැලපීමේ තත්ත්වයන් මත ඇමරිකාවේ මානව හිමිකම් කෙරේ ආකල්පය තීරණය වූ බව පැහැදිලිය.

මානව හිමිකම්, දේශපාලනීකරණයෙන් බේරා ගැනීම, ගෝලීය මානව හිමිකම් පාලනය පහසුවෙන් වර්ධනය කර ගැනීමටත් මානව හිමිකම් ව්‍යායාමයේ විධිමත් සංවර්ධනයටත් වැදගත් පදනමක් හා සහතිකයක්  බව ද එම වාර්තාව පෙන්වා දෙයි.