ඇමරිකාව තුළ, නව කොරොනා නියුමෝනියාව කෙරෙහි බලපෑ හැකි ප්‍රධාන හේතුව ඔමික්‍රොන් ප්‍රභේදයයි

ඇමරිකාව තුළ, නව කොරොනා නියුමෝනියාව ආසාදනය වීම කෙරෙහි බලපෑ හැකි ප්‍රධාන හේතුව ඔමික්‍රොන් ප්‍රභේදය බව වෛද්‍ය Anthony S. Fauci පවසයි.

ධවල මන්දිරයේ ප්‍රධාන වෛද්‍ය උපදේශක, වෛද්‍ය Anthony S. Fauci ඊයේ(14) ඇමරිකානු CNN මාධ්‍ය ආයතනයේ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මේ බව පැවසීය. මාත්‍රා දෙකකින් සමන්විත Pfizer හෝ Moderna එන්නත් මගින් ප්‍රායෝගික ව ඔමික්‍රොන් ප්‍රභේදය වැළැක්විය නොහැකි ය. ඔමික්‍රොන් ප්‍රභේදයේ පැතිර යාමේ වේගය ඉතා ශීඝ්‍ර බව ද ඔහු කියාසිටී.

ඇමරිකානු Johns Hopkins විශ්වවිද්‍යාලයේ නවතම දත්තයන්ට අනුව, ඊයේ(14) සවස 6 වනවිට, එරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව 50226427කි. සමස්ත මරණ සංඛ්‍යාව ලක්ෂ 8 ඉක්මවා තිබේ.